සුදු ඇඳගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙන යයි
කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට….
බාධක බිඳ නුඹ ජයගන්නට
බැරි වුණි මට
ඇයි දැයි දොස් පවරනු සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත…
නුඹ මා ලොව කරුවර කර
පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට…
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද : යමුනා මාලනි
සංගීතය : රෝහන වීරසිංහ
මේ ගීතය අහලා තියෙනවද? යමුනා මාලනීගේ පද වැලින් හා රෝහන වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩ වී ඇති මේ ගීතය දිවුල්ගනේගේ ගැඹුරු හඬින් තවත් හැඟීම්බර කරලා තියෙනවා. මේ ගීතය දිවුල්ගනේගේ සංහිඳ පාමුල ගීත එකතුවෙන් තමයි හොයා ගත්තේ.
ප්‍රේමයේ අසිරිය විඳින්න අපි හැමෝම ආසයි. සමහරක් වෙලාවට ප්‍රේමයේ අසිරිය විඳින ගමන් විරහවේ අසිරියත් විඳින්න වෙනවා. අදරය වගේ විරහවත් විඳවිල්ලක් කර ගන්නේ නැතුව විඳීමක් කරගන්න පුළුවන් නම්…………… විරහ වේදනාවේත් තියෙන්නේ පුදුමාකාර සුන්දරත්වයක්.සමහර විට ඔබත් ඒ සුන්දර විදීමේ හවුල්කාරයෙක් වෙන්න ඇති. ආදරය කරපු තරමටම වෛර කරන්න සමහරක් අය පෙළඹෙනවා. ලැඛෙන දේටයි නොලැඛෙන දේටයි එක විදිහට ආදරය කරන්න, විරහව උපේක්ෂාවෙන් දරාගන්න පුළුවන් නම් හෙට දිනට නෙතට උනණ කදුළ ගැන සතුටු වෙන්න ඔබටත් මටත් පුළුවන් වේව්,
මේ ගීතයෙන් කියන්නෙත් ඒ වගේ සුන්දර අත් දැකීමක් ගැන,
ඛෙහෙත් වලින් සුව කරන්න බැරි සමහර ලෙඩ කලාවෙන් සුව කරන්න පුළුවන්. කලාව කියන්නේ මිනිසා වෙනුවෙන්ම උපත ලැබු දෙයක්. ඉතින් ගීතය කියන්නෙත් සුන්දර කලාවක් තමයි. මේ අපූරු කලාවට පෙම් බඳින අය අනන්තයි.
ගීතයක් ඇසුන විටම අපේ මතකයට එන්නේ ගායකයා හෝ ගායකාවගේ රූපයයි. එහි පදරචකයාගේ හෝ සංගීතඥයාගේ රූපය අප ඉදිරියේ මැවෙන්නේ කලාතුරකින්. නමුත් මේ දෙදෙනාම ගීතයේ සම කොටස් කරුවෝ.
ගීතයකට ජීවය ලබා දෙන්නේ එහි පදවැලයි. එහෙම ගීතයට අමුතුම පණක් දෙන කෙනෙක් තමයි යමුනා මාලනි කියන්නේ.
සුළඟ නුඹ වගේ,,,, ආදරය සුන්දර වරදකි,,,,,, ගහක මල් පිපිලා,,,, කියන ප්‍රේමනීය, අපූරු ගීත ඇසෙද්දි නිසැකවම ඇය ඔබේ මතතයට එනවා ඇති.
සුදු ඇඳගෙන සඳ ඇවිදින් කියන ගිතය ඇය විසින් ලියා ඇති සුන්දර එහෙත් වේදනීය වූ පද වැලක්.
ඉතින් මේ අපූරු ගීතයට පදනම් වූ අත් දැකීම ගැන ඇයගෙන්ම අසා දැනගන්න අපිට හිතුනා.
……….මේ ගීතය ලියවුනේ 2000 අවුරුද්දේ දි. මේ කාලයේ දි දිවුල්ගනේ ඔහුගේ ’සංහිද පාමුල’ ගීත එකතුවට මගෙන් ගීත ඉල්ලලා තිබුණේ. ඒ ගැනත් මගේ හිතේ තිබුණා.
එක දවසක් අහම්ඛෙන් මට මහ රෑ ඇහැරුණා. ඒ කියන්නේ රෑ එකට දෙකට විතර හඳ තියෙන දවසක . මුලින්ම මම මේ හඳේ එළිය දැක්කේ වා කවුළුවෙන්. මම ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ගොඩක් වෙලාවට අපි හඳ දකින්නේ කහ පාටට. ඒත් වෙනදා නොදැක්ක අමුතුම සුදු පාටක් ඒ හඳේ මම දැක්කා. මම නැගිටලා ජනේලය ළඟට ගිහින් ඒ දිහා බලාගෙන හිටියා. හිතා ගන්නත් බැරි තරම්. කි‍්‍රි පාටට දිළිසෙන හඳ දිහා මම බලාගෙන හිටියා. පුදුමාකාර චමත්කාර ජනක හැඟීමක් මගේ හිතට ආවා. ඒ වෙලාවේ මට හිතුනා කවි වල දකින දේවල් බොරු නෙමෙයි කියලා.මොකද මේ හඳ හැමදාම පායනවා ඇති.ඒත් අපිට දකින්න වෙන්නේ නැහැ.මේ වෙලාවට අපි හැමෝම නිදි.
මුළු පරිසරයම නිහඬයි.දහසක් බුදුවරුන් බුදුවන්නේ මේ වගේ වෙලාවටද කියලා හිතුනා. මේ හඳ දිහා බලාගෙන මම නිරාමිස සුවයක් අත් වින්දා.
ඒ වෙලාවෙම මගේ හිතේ අපූරු චිත්‍රයක් ඇඳුනා.
……අනුවේදනීය මොහොතක්. මේ වගේ හඳ තියෙන වෙලාව සුදු ඇඳගත්ත පෙම්වතුන් යුවලක් ගං ඉවුරට එනවා සමුගෙන යන්න.මුළු ගඟම පිරිලා තියෙන්නේ ඇස් වලයි හිත් වලයි තියෙන කඳුළු වලින්.හිතේ තියෙන කඳුළු කාටවත් පේන්නේ නැහැ. මේ වගේ වේදනීය මොහොතකදී මල් පෙත්තකින් වුවත් හිත තුවාල කරලා දාන්න පුළුවන්.
ඊට පස්සේ මම ප්‍රේමයේ ප්‍රායෝගික පැත්ත දැක්කා.ගොඩක් වෙලාවට ආදරය කරද්දී එන බාධක ජයගෙන ඉදිරියට යන්න බැරි වෙනවා.ඇයි අපිට අපේ ප්‍රේමය දිනා ගන්න බැරි වුණේ කියලා හිතෙන්නේ ගොඩාක් කාලයක් ගියාට පස්සේ. මෙතනදි මම දකින්නේ ඒ අහිමි වීමේ වේදනාවයි. මෙහිදී ඔවුන් එකිනෙකාට දොස් පවරන්නේ නැහැ.ඇයි අපිට අපිව ලබා ගන්න බැරි වුණේ කියලයි ප්‍රශ්න කරන්නේ. සුදු
’ ’ කියන පදය මේ ගීතයේ සංකේතයක්. එයින් මම පවිත්රත්වය ප්‍රථම ප්‍රේමය දකිනවා.
බොහෝවිට ප්‍රථම ප්‍රේමය සදාකාලිකවම හිතේ තැන්පත් වෙලා තියෙන දෙයක්.
විරහව විතරක් ඉතුරු වෙලා තියෙන මේ කථාවේ එහෙම කළා කියල අහිතක් හිතන්නේ, දොස් පවරන්නේ නැහැ. ඒ ’කිසිකෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට’…..
මේ හිතුවිලි පහළ වුණු වෙලාව විඳින්න බැරි සෞන්දර්යයාත්මක මොහොතක් විදිහට මම දැක්කා. ඉතින් මට හිතුනා මේ හිතුවිල්ලට දිවුල්ගනේ ජීවය දෙයි කියලා. රෝහන වීරසිංහයන්ගේ ලයාන්විත නාදයෙන් මේ ගීතයේ ඇති අනුවේදනීය කතාව අපූරුවට නි්ර්මාණය වෙලා තියෙනවා.ප්‍රේමයේ විරහව විඳගත හැකි තනුවක් මේ සඳහා යොදාගෙන තියෙනවා. ඒ වගේම මට හිතෙනවා දිවුල්ගනේ මේ ගීතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරලා කියලා.
මමත් මේ ගීතයට ගොඩක් ප්‍රිය කරනවා.ඒ එදාට වඩා අද මේ හුදෙකලාවේ ශෝකාත්මක අත් දැකීමත් සමග ජීවත් වෙන නිසා…
,,,,,,,,,, මාව එපා කියලා යන්න ගං ඉවුරට ආපු මොහොත මට අද වගේ මතකයි. අතීතයේ දවසක ,,,,,, මට සමුදීලා යන්න ඔයා ආවා. ඒ අපේ අවසාන හමුවීම. එදා හඳ සුදුම ුසුදු පාටට පායලා තිබුණා. මුළු පරිසරයම සීතලයි. ඒත් මට දැනුණා ඒ සීතල ඇතුලේ තියෙන උණුසුම. ඒ මොහොතෙ උණු කඳුළු ඇස් වල පුරවගෙන දරාගන්න බැරි වේදනාවක් හිතේ දරාගෙන අපි අපෙන් වෙන්වෙලා ගියා.
ඔයාට මාවත් මට ඔයාවත් ලබා ගන්න බැරි වුණා. මගේ හිත මටම දොස් කියනවා. මට අදටත් හිතා ගන්න බැහැ, කාගේ වරද නිසා මෙහෙම වුණාද කියලා. අනේ මට ඇවිත් පහදලා දෙන්න අපිට වැරදුනේ කොතනද කියලා. මම අදටත්් ඔයාට ආදරෙයි…… මගේ ආදරයට පිටුපාලා, මාව රිදවලා ඔයා ගියා තමයි. ඒත් මම කවදාවත් ඔයා ගැන අහිතක් හිතන්නේ නැහැ. මම එහෙම කොහොම හිතන්නද?? ඒ….. කවදාවත් කාගෙන්වත් නොලබපු ආදරයක් ඔයා මටදුන්න නිසා,,,,